දීර්ඝ කාලයක් පුරාවට සන්ධි වේදනාවෙන් පීඩා විඳිනවද?
කවුරුත් හරියට මේ ගැන පැහැදිලි කරලා ප්‍රතිකාර කරේ නැද්ද?
එහෙනම් අද මාතෘකාව එක එක අය එක එක විදිහට හඳුන්වන සන්ධි වේදනාව / හන්දි අමාරුව / ආතරයිටිස් ගැනයි.
ඔක්කොටම කලින් අපි බලමු මේ ආතරයිටිස් කියන ඉංග්‍රීසි වචනෙ තේරුම. ඒකත් දැනන් ඉන්න එපැයි.
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ මේ රෝගී තත්ත්වය සන්ධි වාත / සන්ධිගත වාත ලෙස හඳුන්වනවා. සරල සිංහලෙන් කියනවනම්, අස්ථි දෙකක් එකිනෙක හමුවන සන්ධියක් ඇසුරු කරමින් ඇතිවන තත්ත්වයක් තමයි මේක.
මේක ශරීරයේ බර දරන සන්ධි දණහිස්, උකුල් ඇට, වළලුකර, කොඳු ඇටපෙළෙහි , ගෙළෙහි ආදී ලෙසත්,
මම ඉස්සරහට කියලා දෙන ආමවාත හෙවත් රුමැටොයිඩ් ආතරයිටිස් තත්ත්වවලදී ඇඟිලිවල කුඩා අස්ථි වලින් පටන් ගන්න / ඇඟිලිවලින් ආරම්භ වන වේදනාවලුත් ගන්න පුළුවන්.
ආයුර්වේදයේ සඳහන් රෝග ලක්ෂණ ගත්තොත්,
1. හන්ති සන්ධි : සන්ධියක ක්‍රියාකාරිත්වය අඩාල වීම / සන්ධිය නැමීමටවත් නොහැකි වීම
2. ශූල : සන්ධියේ වේදනාව
3. ශෝථ : සන්ධියේ ඉදිමුම
4. ආටෝප: සන්ධියෙ චිරි චිරි ශබ්දයක් ඇති වීම ( දණහිස්වල මේ ශබ්දය ඇති වෙනවනම් ඉක්මනටම ප්‍රතිකාරයක් ගන්න)
5. ප්‍රසාරණ ආකුංචන වේදනා: සන්ධිය නැවීමේදී දිග හැරීමේදී ඇතිවන වේදනාව
දැන් රෝගය ඇතිවීමට හේතූන් බලමු.
වයස අවුරුදු 40 ඉක්මවූ විට ඉතා පහසුවෙන් මතුවිය හැකි රෝගයක් ලෙස ආතරයිටිස් රෝගය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් ම කාන්තාවක් වන ඔබ හෝ ඔබගේ හිත මිතුරෙකු මාසික ඔසප්වීම නතර වූ හෙවත් ආර්ථව හරණයට ලක්වූ අයෙක්නම්, ඉතා පහසුවෙන් මෙම රෝගය මතු විය හැකියි හෝ ඔබ අත් විඳලා ඇති මම කියපු වාත අමාරු / සන්ධි වේදනාවල් එන්න පටන් ගත්ත බව. ඊට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඔවුන්ගේ ස්ත්‍රී හෝමෝනවල ක්‍රියාකාරීත්වය දුර්වල වී තිබීම ය. ඒ නිසා පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට ආතරයිටිස් රෝගය ඇතිවීමේ අවස්ථාව වැඩියි.
අපි විසින් ශරීරයට ගනු ලබන ආහාරපාන නිසි ලෙස ජීර්ණ ක්‍රියාවලියට ලක් නොවූ විට සිරුරට විෂ සහිත බවක් / ආමයක් එක්වීමත් නිසා ආතරයිටිස් ඇති වීම සිදු වේ.
එමෙන්ම දිගු කලක් පුරාවට බර උසුලන, හිටගෙනම සිටින, ඇවිදින, ක්‍රීඩා කරන පුද්ගලයන්ටත්, කලින් ලිපියේ සඳහන් කළ අධික තරබාරුව නිසාත්, බර උඩුලන සන්ධිවලට ඇතිවන අනතුරු නිසාත්, උඩ කිව්වා වගේ අපේ වැරදි ආහාර රටා නිසාත්, යම් අවස්ථාවල ජීවත්වන දේශය අනුවත් (ආයුර්වේදයට අනුව) මේ රෝගය වසස් භේදයකින් තොරව ඇතිවීමට හේතු වේ.
නිසි ලෙස ආහාර ජීර්ණයට ලක් නොවීමෙන් මම කලින් කිව්ව පරිදි ආමය හටගනී. මෙම ආම විෂ දිගු කාලයක් පැවතීමෙන් සන්ධිවල තැන්පත් වී අස්ථි, කාටිලේජ, මාංශපේෂි ආදියට බලපා ඒවා හානියට ලක් කරයි.
ආම වාත හෙවත් රුමැටොයිඩ් ආතරයිටිස් තත්ත්වය මෙයයි. මේක බයානකයි. හන්දි ඇද වෙලා, පල්ලෙහා රූපෙ දාලා තියෙන විදිහට ඇඟිලි නවාගන්න බැරුව විකෘති වෙලා තමයි නවතින්නේ අන්තිමට.
ගැස්ට්‍රයිටීස් රෝගයට නිසි ලෙස ප්‍රතිකාර නොගෙන සිටීමෙන් ද පසු කලකදී ආතරයිටිස් රෝගය මතුවීමට පුළුවන්. මොකද ආහාර ජීර්ණ පද්ධතිය සාමාන්‍ය නොවන නිසා.
අපි අපේ ශරීරය මැශින් එකකට සමාන කරලා බලමු.
හිතන්න අපේ එන්ජිම / ශරීරයට ශක්තිය සපයන ඒකකය වෙන්නෙ ආමාෂය කියලා.
එන්ජිම වැඩ නැත්නම් හෝ අපි සපයන ඉන්ධන (ආහාර) එන්ජිමට මැච් වෙන්නෙ නැත්නම්, ඒ මැශින් එක ටික කාලෙකින් අක්‍රීය වෙලා යනවා. සරලව කිව්වොත් , පෙට්‍රල් දාන එන්ජිමකට ඩීසල් දාලා දිව්වොත් හරි, කොච්චර පෙට්‍රල් දැම්මත් එන්ජිම අවුල්නම්, මැශින් එක දුවන්නෙ නෑ වගේ තමා.
ආතරයිටිස් වලට සමහරුන්ගෙ / TV වල බොරු වලට අහු වෙලා රුපියල් දහස් ගණන් වියදම් කරලා තෙලක් අරගෙන ගෙදරට වෙලා ගගා හිටියට ඒකෙනුත් ලැබෙන සහනය ටික කාලයයි. මොකද, ඔය කියන කවුරුත් එන්ජිමේ ලෙඩ හදන්නෙත් නෑ, හොඳට තෙල් කරන්න එන්ජිම ටියුන් කරන්නෙත් නෑ.
හරි වෛද්‍යවරයෙක්නම්, භාහිරව විතරක් නෙමෙයි, අභ්‍යන්තරවත් දෝශ සමනය කරලා, තියන ඔක්කොම ගැටළු නිරාකරණය කරලා, මෙම රෝගය සුවපත් කරලා දීලයි රෝගියා නිරෝගී පුද්ගලයෙක් බවට පත් කරන්නේ.
අපි දැන් ප්‍රතිකාර ගැන බලමු.
දේශීය වෛද්‍ය ක්‍රමයට / ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව නිසි ඖෂධ වර්ග ලබාදීමෙන් ආතරයිටිස් රෝගය සුව කළ හැකිය.
වේදනා නාශක බිබී වකුගඩු වලට හානි කරගන්නවත්, ගැස්ට්‍රයිටිස් ඇති කරගන්නවත් අවශ්‍ය නෑ.
අපි මෙතනදී රෝගියා හොඳින් පරීක්ෂා කර, නිසි ලෙස ආහාර ජීර්ණය ඇති කිරීමට අවශ්‍ය වන ඖෂධ වර්ග ලබාදීම සිදුකරනු ලැබේ. ගැස්ට්‍රයිටිස් තියෙනවනම් ඒකත් හදනවා. එසේම සන්ධිවල හටගෙන ඇති විස නැති කරමින් හානියට ලක්ව ඇති සන්ධිවල කොටස් නැවත වර්ධනය සඳහා අවශ්‍ය පෝෂණය ලබාදීමට අදාළ ඖෂධ ඉතා කෙටි කාලයක් තුළ ලබාදී ඉක්මනින් මෙම රෝගය සුවපත් කිරීම අපගේ ප්‍රතිකාර ක්රමයේ ඇති විශේෂත්වයක් වෙනවා.
පැමිණි පළමු දිනම ඇඳෙන් බහින විට "කාලයක් පුරා පැවති වේදනාව අඩු වුණා" කිව්වම ඇති වන සතුට වෛද්‍යවරයෙක් විදිහට අපිට කියා නිම කරන්න බෑ. ඒක රෝගියාටත් ලොකු සහනයක් වෙනවද කියලා ඔබටත් සිතාගන්න පුළුවන් නේද.
ඔබටත් ප්‍රතිකාර ගන්න අවශ්‍යනම්,
071 956 931 6
අංකයට ඇමතුමක් ලබා දී පැමිණීමට පෙර වේලාවක් වෙන්කරගන්න. රෝගීන් පරීක්ෂා කරමින් / ප්‍රතිකාර කරමින් සිටින විටදී දුරකථනයට පිළිතුරු නොදුනහොත්, කාරුණිකව රාත්‍රී 8න් පසු ඇමතුමක් ලබා දෙන්න.
වෛද්‍ය මධ්‍යස්ථානය තියෙන තැන.
වෙදගෙදර - ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, 697 හෝමාගම කඩුවෙල බස් පාරේ, ඔරුවල පන්සල අසල අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ ප්‍රතිකාර ගන්න පුළුවන්.
වෛද්‍ය මධ්‍යස්ථානය සඳුදා සහ පොහොය දිනනම් විවෘත කරන්නෙ නෑ. අනිත් දිනවල, උදෑසන 9:00 සිට දහවල් 12 දක්වාත් දහවල් 1:00 සිට රාත්‍රී 7 දක්වාත් විවෘතයි.
Google Map පිහිටුම,
https://maps.app.goo.gl/GKan7LnSaYN4JKVU6
දුරබැහැර ඔබට පැමිණීමට අපහසු වූවත්,
රෝගය සනීප කරගන්න කරන කැප කිරීමක් වශයෙන්, සති අන්තයේ හෝ එක් දිනක් එන්න. මොකද අපි බිංදුවෙ ඉඳන් රෝගියා පරීක්ෂා කරනවා. රිපෝට්ස් තියේනම්, ස්කෑන්, එක්ස් කිරණ චායාරූප තිබේනම් ඒවත් බලලා තමයි ප්‍රතිකාර පද්ධතිය තීරණය කරන්නේ.
අනික අපි මෙතනට ඔබ පැමිණි විට ලබාදෙන සේවාව ඔබට හිතාගන්න බැරි තරම් සුවයක් ලබාදෙනවා.
එමෙන්ම, බොහෝ දුර සිට පැමිණෙන ඔබට මාසයක් සඳහා බෙහෙත් එක වර රැගෙන යාමට අපි පහසුකම් සපයා තියෙනවා.
ප්‍රතිකාරය පළමු දින සිදු කර, ඉන්පසු එය නිවසේදී සිදු කරගන්නා ආකාරය පිළිබඳව සම්පූර්ණ දැනුමක් ලබා දීමත්, සතියකට වරක් ඔබගේ තත්ත්වය පරීක්ෂා කිරීමත් සිදු කෙරේ. කෂාය වර්ග නිවසේදී සාදා ගැනීමට අවශ්‍ය නැත.
පැමිණෙන විට, බෙහෙත් රැගෙන යාමට,
ලීටරයේ (1L) හිස් බෝතල් දෙකක්,
500ml හිස් බෝතලයක්
රැගෙන එන්න.
මෙහෙම කිව්වම අම්මෝ ලොකු ගාණක් යයි කියලා හිතුනනම්, අනිවාර්යයෙන්ම අපිට කෝල් එකක් දෙන්න. ශ්‍රී ලංකාවේ ඉතාම සාධාරණ ලෙස අය කරන වෛද්‍ය මධ්‍යස්ථානය මෙය බව ඔබටම වැටහේවි.
ඇයි එහෙම කරන්නෙ කියලා ඇහුවොත්?
එහෙම කරන්නේ, අපි දන්නවා රෝගයක් වැළඳුනාම තියෙන වේදනාව, එය පවුලකට බලපාන ආකාරය. අපේ දෙමාපියන්ට පවා ප්‍රතිකාර කරන්නේ අපිමයි, ඔබ සහ ඔවුන් යන දෙගොල්ලොම දෙස අපි බලන්නේ ඉතාම කාරුණිකවයි.
ඒත් එක්කම කියන්න ඕනෙ අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නෙ මැජික් එකක් නෙමේ. ඒක ඉතා බලගතු, වටිනා වෛද්‍ය ක්‍රමයක්, දෙවියන් විසින් මේ පෘථිවියේ වෙසෙන වැසියන් සුවපත් කරන්න ලබා දුන්න ත්‍යාගයක්.
ඉවසීමෙන් නිසි ආකාරව ප්‍රතිකාර කරගත්තොත් කෙටි කලකින් ඉතා සාර්ථක ප්‍රගතියක් ලබා ගැනීමට ඔබට පුළුවන්.
කොහොමද ආයුර්වේදය මේ ලෝකවාසීන්ට දෙවියන්ගෙන් ලැබුනෙ කියලා මම ඉස්සරහට ලිපියක් අරන් එන්නම්. ඉවසන් ඉන්න බැරි, කුතුහලයක් තියන අය "ආයුර්වේද අවථරණය" / Ayurveda Avatharana ලෙස හොයලා කියවන්න.
ලිපිය ආව ගමන් කියවන්න,
https://facebook.com/wedagedaraAyurveda අපගේ ෆේස්බුක් පිටුව Follow / Like කර එකතු වෙලා ඉන්න.
හෝ විටින් විට www.wedagedara.lk කියන අපේ වෙබ් අඩවියට ගිහින් බලන්න ලිපිය දාලද කියලා.
ඉතින්, අද ලිපිය වැදගත් වුණානම්, දෙයක් ඉගෙනගත්තනම්, ලාංකිකයෙක් විදිහට මේ වෛද්‍ය ක්‍රමය ගැන ඔබත් ආඩම්බර වෙනවනම්, පහතින් කමෙන්ට් එකක් දාන් යන්න. ඒක මම ලබන ලොකු ජයග්‍රහණයක්. මොකද මේ ඉගෙනගත් දේ ඔබ තව අයෙකුට කියා දී ඔහු රෝගියෙක් වීමෙන් වළක්වාගන්න ඔබට හැකියාවක් ලැබීම නිසා.
මිතුරන් සමග මෙය ශෙයා කරන්නත් අමතක කරන්න එපා.
මේ ලිපියෙම පහළ තව සටහනක් දාලා තියනවා. ඒකත් කියවන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි!
අද සටහනත් අරන් ආවෙ,
වෛද්‍ය හර්ෂණ නිරිඇල්ල
B.A.M.S (ගෞරව)
කොළඹ විශ්ව විද්‍යාලය
SLAMC ලි.ප.අංකය: 16673
වෛද්‍ය උමේෂා සුරවීර
B.A.M.S (ගෞරව)
කොළඹ විශ්ව විද්‍යාලය
SLAMC ලි.ප.අංකය: 16416
ඔබගේ, දරුවන්ගේ හෝ හිත මිතුරන්ගේ ශරීරයේ බර වැඩි බවින් පීඩා විඳිනවද? බඩ ඉදිරියට නෙරා ඇවිත්ද? දණහිස් කැක්කුම්, කොන්දේ අමාරු නිතරම මේ නිසා එනවද?
එසේනම් අපගේ අධික තරබාරුව සඳහා විශේෂ ප්‍රතිකාර සඳහා ඔබටත් යොමු විය හැකියි. ඔබව පරීක්ෂා කොට, ආහාර සැලැස්මක් , ඖෂධ හා අවශ්‍ය උපදේශනය අපගේ සායනයේදී ලබා දෙනු ලැබේ.
එමෙන්ම, ගොඩ රෝගීන් පැමිණෙන බල නහරයේ වේදනාව, කෙණ්ඩා පෙරලීම, උරහිස් එසවීමේ අපහසුතාවය, උදේට ඇහැරුණ ගමන් යටි පතුලේ වේදනාව ඇති වීම, මැණික් කටු සන්ධියේ හිරිය සහ වේදනාව, ගල්තැලුම්, ඉන්නන්, මළ බද්ධය, ශරීරයේ උෂ්ණාධික බව, දියවැඩියාව හේතුවෙන් ඇතිවන සංකූලතා (පාද /ඇඟිලි හිරිය, පාදයේ දැවිල්ල), අක්මාවේ තෙල් තැන්පත් වීම (Fatty Liver) ආදී රෝග සඳහාත් විශේෂ ප්‍රතිකාර සිදු කරනු ලැබේ.
අප විසින් සිඳිනු ලබන විශේෂ සන්ධි වේදනා සඳහා තෛලය ඔබට අපගේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මිළදී ගැනීමට පුළුවන්. වෙළඳපළේ ඇති වාත වේදනා සමනයට ඇති තෙල් මෙන් අධික මිළකට අපි මෙය ලබා දෙන්නෙ නෑ. අපගේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන බැවින්, අවශ්‍යම රෝගීන්ට අවුන්සයයේ සිට ඉහළට වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබාගත හැක.
එමෙන්ම ඔබගේ වෙනත් රෝගාබාධ සඳහා මිළදී ගැනීමට අවශ්‍ය වෙනත් තෙල් වර්ගද අපගේ වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ වෙළඳපළ මිළට වඩා අඩුවෙන් ලබා ගැනීමේ හැකියාවක් ඇත.
#ayurveda #WedaGedara #oruwala #drumeshasuraweera #drharshananiriella #Athurugiriya #osteoarthritis #rheumatoidarthritis #SriLanka