වර්තමානයේදී අපේ අම්මලා, තාත්තලා, තරුණ ළමුන් පවා ගෙළේ වේදනාව, කොන්දේ වේදනාව, දණහිස් වේදනාව, උරහිස් වේදනාව ආදියෙන් පීඩා විඳිනවා අපි දැකලා තියෙනවා.
මොකක්ද මේකට හේතුව?
රෝගී පුද්ගලයන් සමග කතා බහ කිරීමේදී, ඔවුන්ව පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ අති බහුතරයක් දෙනා මේ රෝග තත්ත්වයන්ට ගොදුරු වෙලා තියෙන්නෙ පහත සඳහන් කරන හේතූන් නිසා බවයි.
1. වැරදි ඉරියව්
2. වැරදි ආහාර රටා සහ දින චර්යාවන්
3. අධික තරබාරුව
4. පෝෂණ මට්ටම පිරිහීම
5. අධික ලෙස වෙහෙස මහන්සි වීම
6. ප්‍රතිශක්ති ඌණතාවයන්
7. වයස
ඔය කීව කාරණා නිසා සන්ධිගත වාත හෙවත් ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්ව, ආම වාත හෙවත් රුමැටොයිඩ් ආතරයිටිස් රෝගයන්, මැණික් කටු සන්ධියේ හිරිය හා වේදනාව, වළලුකර සහ යටි පතුළේ වේදනාව, ආදී බොහෝ සන්ධි ආශ්රිත රෝගයන් ඔබටත් ඇති වෙන්න පුළුවන් හෝ, ඔබ දැනටමත් පීඩා විඳිනවා ඇතී.
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ එන ප්‍රතිකාර මගින් ඔබගේ පීඩාවට සහනයක් ලබගත හැකිබව ඔබ දන්නවාද?
නිසි පරීක්ෂාවකින් අනතුරුව, ඔබගේ පීඩාවට අනුකූලව, ඔබටම ආවේණික වූ ප්‍රතිකාර පද්ධතියක් නිසි අයුරින් සිදු කිරීමෙන්, ශල්‍ය කර්ම, වේදනා නාශක, ඉන්ජෙක්ශන් වලින් තොරව, දේශීය ඔසු පැළ, තෙල් වර්ග, ගුලි, කල්ක, චූර්ණ උපයෝගී කරගනිමින්, අතුරු ආබාධ රහිතව ඔබගේ රෝගී තත්ත්වය සුව කරගත හැක.
වෙදගෙදර - ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයෙහි අපි,
කොළඹ විශ්ව විද්‍යාලයේ, දේශීය වෛද්‍ය පීඨයේ උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරුන් වන අතර,
අපෙන් ඔබට, ඔබගේ රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාවක් ඇත.
අප විසින්,
ඔබව නිසි පරිදි පරීක්ෂා කොට,
ඔබගේ දෝෂ තත්ත්වයන්ට අනුකූලව ප්‍රතිකාර පද්ධතියක් සකස්කොට,
ශරීර අභ්‍යන්තරව සහ, භාහිරව තෛල, පත්තු ආදී සත්කාරයන් සිදු කිරීමත්,
පෝෂණ හා ජීවන රටාවන් වෙනස් කරගැනීමට උපදේශනයන් ලබා දීමත්,
ඔබට සුදුසු යෝග සහ ව්‍යායාම පිළිබඳව උපදේශනයන් ලබාදීමත් වැනි සේවාවන් රැසක් ලබාදෙනු ලැබේ.
අපිව සම්බන්ධ කරගැනීමට,
071 956 9316 හරහා වට්සැප් පණිවුඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබාදෙන්න.
ඊමේල් පණිවුඩයක් එවනවානම්,
oruwalawedagedara@gmail.com ඔස්සේද අපිව සම්බන්ධ කරගත හැක.
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
සඳුදා සහ පොහොය දින ප්‍රතිකාර කරනු නොලැබේ.
ස්ථානය,
101/A/2, ඔරුවල, අතුරුගිරිය
(ඔරුවල, බෝධිරුක්ඛාරාම විහාරය අසල)
වැළමිටේ කැක්කුම එක පාරක් හරි හැදුන කෙනෙක් දන්නවා ඒකෙ තියෙන අමාරුව.
අපි අද බලමු මේ වැළමිට අමාරුව එන ප්‍රධානම රෝගයන් දෙකක් ගැන.
මේ කියන්නේ අස්ථි භග්න ගැනනම් නෙමේ. එක පාරටම එන කැක්කුම් ගැන.
ඉතින් මෙන්න මේ ලෙඩට හරි ලස්සන නම් දෙකක් බටහිර වෛද්‍ය ක්රමයේ දීලා තියෙනවා. "ටෙනිස් එල්බෝ" (Tennis Elbow) සහ "ගෝල්ෆර්ස් එල්බෝ" (Golfer's Elbow)
එක නමකින් එන එකේදි කැක්කුම එන්නේ අතේ පිටි පැත්තෙන්, අනිත් එකේදි එන කැක්කුම එන්නේ අතේ ඇතුළු පැත්තෙන්. ඔය කොයි පැත්තෙන් ආවත් ඩොක්ට හර්ෂණනම් සම්පූර්ණ වැළමිට හන්දියටයි, ඇඟ ඇතුළට බොන්න බෙහෙතුයි දීලම තමා යවන්නෙ. නිකන් මොකටද තාවකාලික සහන.
ඉතින් ඔන්න ඔය නම් දෙකකින් කියන වැළමිට අමාරුව හැදුන මනුස්සයටනම් ඕක ක්‍රිකට් එල්බෝ කිව්වත් කැක්කුම කැක්කුමම තමයි.
ඒ විතරක් නෙමෙයි, පහත දක්වන අමාරුත් ඔයාලට තියෙනවද බලන්න.
1.අත නැමීමේදී දිග හැරීමේදී වේදනාවක් ඇති වීම.
2. පොඩි දෙයක් (පෑනක් වගේ) අල්ලද්දිත් වේදනාව ඇති වීම.
3.බෝතලයක මූඩිය අරින කොට, දොර අරින්න හදන කොට එහෙම වේදනාව ඇති වීම.
4. අතේ ඇතුල් පැත්තෙන් හෝ පිට පැත්තෙන් වැලමිට සිට මැණික් කටු සන්ධිය වෙනකන් දිවෙන වේදනාවක් ඇති වීම.
5. වැලමිටෙහි තද ගතිය
ඉහත රෝග ලක්ෂණ මේක බලන කාට හෝ තිබේනම් ඉක්මනටම නිසි ප්‍රතිකාර වලට යොමු වෙන එක වඩාත් හොඳයි.
ලෙඩෙත් කිව්වා, ලෙඩේ රෝග ලක්ෂනත් කිව්වා, ඇයි මේක හැදෙන්නෙ කියලා කිව්වෙ නෑනෙ...
මෙහෙමයි, සමහරු අපේ සායනයට ආවම කියනවා අනේ ඩොක්ට මොකුත් කළෙත් නෑ, එක පාරටම ආවෙ කියලා.
ඒත් මේ රෝගයේදී ගොඩක් වෙලාවට වෙන්නේ ඔයාලා
1.හිතලා හෝ නොහිතා වැළමිට සන්ධියේ පේෂි අධි භාවිතයට ලක්කිරීම, (මෙහිදී පේෂි විඩාවට ලක්වෙනවා. ඒක ඔය අය දිගින් දිගටම කරනවනම් ටික ටික ඔබේ පේෂි වලට හානි වෙනවා)
2.යමකට වැර යොදා හෝ ක්ෂණිකව ඇතිකරනු ලබන චලනයන් ( එහා ගෙදර හොර පූසට ගඩොල් භාගෙකින් ගැසීම වගේ) නිසාත් වැලමිට සන්ධියේ පටක වලට හානි වීමක් සිදු වෙනවා. (ටෙනිස්/බැඩ්මින්ටන් ගහන අයට එහෙම බහුලව එන නිසා තමා මේ ටෙනිස් එල්බෝ නම දීලා තියෙන්නේ)
ඉතින් දැන් බය වෙන්න එපා "හයියෝ මං ඉවරායි" කියලා.
ඕක සුව කරන්න පුළුවන්. ඒකට භාහිර තෛල, පත්තු සහ අභ්‍යන්තරව කෂාය, කල්ක ආදිය ගත්තම දන්නෙම නැතුව වේදනාව පහවෙලා යනවා.
හැබැයි එකක්. ඩොක්ට වුණත් මැජික් කාරයා නෙමෙයි. මම වේවා වෙන වෛද්‍යවරයෙක් වේවා ඔයාලට ප්‍රතිකාර කරන් යන අතරතුර, ඔයාලා දිගින් දිගටම බර උස්සනවනම්, වැලමිට වෙහෙසෙන හෝ, වැළමිට පේෂි විඩාවට පත්වෙන දේ කරනවනම් වෙන්නේ, ප්‍රතිකාර වලින් සුවවෙන පේෂි හානිය, ඔයාලා කරන නෝටි වැඩ නිසා තව පෑරෙන එකයි.
ආන් ඒක නිසා,ප්‍රතිකාර පටන් ගත්තම සුව නින්දක්, විවේකයක්, එහෙමත් ඇඟට දෙන්න අමතක කරන්න එපා!
බාම් ගෑවට / වේදනා නාශක පෙති එහෙම ගන්නකන් අඩුයි කියලා දැනෙන්නේ ස්ථානිකව වේදනාව සමනයක් විතරක් වෙන නිසයි. ඒ නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගෙන් නිසි ආයුර්වේද ප්‍රතිකර්මයක් කරගෙන ලෙඩේ නිට්ටාවටම සුව කරගන්න බලන්න.
අපේ හෝකන්දර සන්ධි රෝග සායනයෙන් මේ රෝගයන්ට ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. මෙහිදී අපි උපදේශන, අභ්‍යන්තර හා භාහිර ප්‍රතිකාර සියල්ලම සිදු කරනවා.
මෙම මාතෘකාව සම්බන්ධයෙන් විස්තර කිරීමට බොහෝ දේ ඇතිනමුත් මේ පැවසූ දෑ මගින් ඔබගේ ජීවිතයට යමක් ලැබුනා යැයි සිතනවා. ලිපියෙන් දෙයක් ලැබුනනම් මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න!
ඔබ සැමට නිරෝගී දිනයක් වේවා!
සුපුරුදු පරිදි අදත් සටහන අරන් ආවේ,
වෛද්‍ය හර්ෂණ නිරිඇල්ල
බී. ඒ. එම්.එස් (ගෞරව)
කොළඹ විශ්ව විද්‍යාලය
අපිව සම්බන්ධ කරගැනීමට,
071 956 9316 හරහා වට්සැප් පණිවුඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබාදෙන්න.
ඊමේල් පණිවුඩයක් එවනවානම්,
oruwalawedagedara@gmail.com ඔස්සේද අපිව සම්බන්ධ කරගත හැක.
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
සඳුදා සහ පොහොය දින ප්‍රතිකාර කරනු නොලැබේ.
ස්ථානය,
101/A/2, ඔරුවල, අතුරුගිරිය
(ඔරුවල, බෝධිරුක්ඛාරාම විහාරය අසල)
කාන්තා ලිංගික බෙලහීනතාවය – Female Sexual Dysfunction
පිරිමින් හට මෙන්ම කාන්තාවන්ටද ලිංගික බෙලහීනතාවයන් ඇතිවිය හැක.මෙය ඉංග්‍රීසි බසින් Female Sexual Dysfunction ලෙස හදුන්වනවා.නමුත් පිරිමින්ට සාපේක්ෂව ඔවුන් මේ පිළිබදව කතා කිරීමටත්, ප්‍රතිකාර සදහා යොමු වීමත් තරමක් දුරට අඩු මට්ටමක පවතිනවා.මීට ප්‍රධානම හේතුවක් වන්නේ ලජ්ජාව නිසා මෙවැනි කාරණා පිළිබදව වෛද්‍යවරයකු මුණගැසී කතා කිරීමට මැළි වීමයි.තවත් හේතුවක් වන්නේ මෙම කාරණා ගැන බොහෝ කාන්තාවන්ට තිබෙන අඩු දැනුම හේතුවෙන් මෙමව්බෙලහීනතාවයන් සාමාන්‍ය තත්ත්වයන් ලෙස සළකා ප්‍රතිකාරවලට යොමු නොවීමයි.මෙම රෝග තත්ත්වයන්වලින් අද සමාජයේ සැළකිය යුතු පිරිසක් පීඩා විදින අතර ඒවා බොහෝ කාන්තාවන්ගේ මානසික අසහනයන්ට සහ අඹුසැමි සම්බන්ධතා බිද වැටීමට ප්‍රධාන හේතු ලෙස සොයාගෙන ඇත.ඊටත් අමතරව සමහර විට කාන්තාවන්ගේ මෙම ලිංගික් ගැටළු ඔවුන්ගේ සහකරුවන්ගේ ලිංගික බෙලහීනතාවයන්ට හේතුවන අවස්ථාද ඇත.
මෙම රෝගී තත්ත්වයන්ගේ රෝග් ලක්ෂණද සමහර විටක සංකීර්ණ ස්වභාවයක් ගනී.තවද එක් කාන්තාවකට එක් රෝග ලක්ෂණයකට වඩා පවතින අවස්ථාද ඇතැම් විට දැකිය හැක.
දියවැඩියාව ඔබගේ ජීවිතයට ගැටලුවක්ද?
දියවැඩියාව පාලනයෙන් සුවැති දිවියක් ගත කරන්න ඔබත් මේ ලිපිය කියවන්න.
රැධිරයේ සීනි මට්ටම වැඩිවීම දියවැඩියා රෝගී තත්ත්වය බව බෝහෝදෙනා දන්නා කරැණකි. එවගේම දියවැඩියා තත්ත්වය ප්‍රාථමික හෝ පූර්ව දියවැඩියා තත්ත්වය හා පූර්ණ දියවැඩියාව ලෙස වෙන් කර හදුනාගන්න පුළුවන්.
වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ වාර්තා අනුව නිරාහාර රැධිර සීනි මට්ටම ( FBS) 100 mg/dl -125mg/dl අතර විට පූර්ව දියවැඩියාව ලෙසත් එහි අගය 125mg/dl වඩා වැඩි වූ විට දියවැඩියාව ලෙසිත් සැලකෙනවා. මෙය ඉතා සුලභව සිදු කරන පරීක්ෂණයයි. මීට අමතරව බහුලව සිදුකරන ආහාර ගෙන පැය 2කට පසු පරීක්ෂා කරන රැධිරයේ සීනි ප්‍රමාණය (PPBS) අගය 140mg/dl 199mg/dl අතර වු විට පූර්ව දියවැඩියාව ලෙසත් එහි අගය 200 mg/dl හෝ ඊට වැඩි විට දියවැඩියා තත්ත්වය ලෙස සලකනවා.
පූර්ණ දියවැඩියා රෝගීයෙක්ට දියවැඩියාව පාලනයට ඖෂධ අවශය වුවත් පූර්ව අවධියේ දියවැඩියා තත්ත්වයේදී ඖෂධ අවශය වන්නේ නැත.
මේ අවස්ථාවේදී අවශය වන්නේ රෝගය පිලිබඳ නිසි අවබෝධය හා මනා පාලනය මගින් රෝගය උත්සන්න වීම වලක්වා ගැනීමයි.
එලෙසමයි දියවැඩියා රෝගීන්ද දියවැඩියා රෝගය පාලනය පිලිබද අවධානය යොමු කරමින් ඖෂධ සමග නිසි ආහාර පාලනය හා යහපත් ජීවින රටාවක් පවත්වා ගන්නවා නම් දියවැඩියා රෝගය නිසා ඇති වන සංකූලතා මගහරවාගත හැක. එවගේම වෛද්‍ය උපදෙස් වලට අනුකූලව ඖෂධ මාත්‍රාව අඩු කර ගන්න පුළුවන්.
පැණිරසයෙන් යුක්ත ආහාර හා සීනි බහුලව ගැනීම පමණක් දියවැඩියාවට හේතුවේ යැයි ඔඛ සිතිය හැක.
නමුත් එය එසේම නොවේ. දියවැඩියාව ප්‍රධාන හේතු සාධකය ලෙස සැලකෙන්නේ ජානමය හේතුවයි. දියවැඩියාව ඇති කිරීමට බලපාන ජානමය කාණ්ඩය ශරීරයේ ඇති විට වැරදි ආහාරමය පුරුදු නිසාත් , කය වෙහෙසීම අඩු පහසු දින චර්යාව , මානසික ආතතිය යනාදී සාධක නිසා ජානය ප්‍රබල වී දියවැඩියා රෝගය හට ගන්නවා. එම නිසා ඔබගේ පවුලේ කිසිවකුට දියවැඩියාව ඇති විට ඒ සදහා ඔබට ඇති අවධානම වැඩිය.
පැණිරසයෙන් යුක්ත ආහාර මෙන්ම ඕනෑම පිෂ්ඨමය ආහාර ජීරණයේදී ග්ලූකෝස් බවට පරිවර්තනය වී රැධිරයට මුදා හරින නිසා ඒවා අධික ලෙස පරිභෝජනයෙන් දියවැඩියාව ඇතිවනවා.
අධික ලෙස මේදය හා තෙල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ අනවශ්‍ය ලෙස මේදය තැම්පත් වී තරබාරු වීම දියවැඩියාව ඇති වීමට හේතු වෙනවා.
ඒවගේම අපි ලබාගන්නා පෝෂණයෙන් හීන නමුත් අධික කැලරී ප්‍රමාණය යුතු ක්ෂණික ආහාර හා පානය වර්ග නිතර ගැනීමෙන් දියවැඩියාවට හේතු වෙනවා.
ව්‍යායාම අඩු වීම, නින්ද අඩුකම, මානසික ආතතිය යනාදී සාධක දියවැඩියාව ඇති වීමට බලපානවා.
ආයුර්වේද විද්‍යාව අනුවත් මධුරා ආහාර ගැනීම , අවයායාම , දිවා නින්ද , මානසික ආතතිය, ජානමය සාධකය යනාදී නිදාන කාරණා දියවැඩියාව ඇති කිරීමට හේතු වන ඛව දක්වා ඇත.
ඔබත් දිියවැඩියාව රෝගීයෙක් නම් හෝ පූර්ව දියවැඩියා තත්වයක් ඇති කෙනෙකු නම් හෝ අවධානමක් ඇති කෙනෙකු නම් පහත කරැණු වලට අවධානය යොමු කරමින් ඒවා පිළිපදින්න.
1. තමාගේ කෑම වේල සැලසුම් කර ගන්න.
සෑම විටම නිවසේදීම පිළියෙල කර ගත් ආහාර අනුභව කරන්න . කෙටි , සැහැල්ලු, පෝෂ්‍යදායී ආහාර ලබාගන්න. ආහාරය සදහා වැඩිපුර පලතුරැ , එලවලු එක් කර ගන්න. එලවලු තේරීමේදී පිෂ්ඨය බහුල නොවන එලවලු තෝරා ගන්න.
2. මේදය සුලු වශයෙන් ආහාරයට ගන්න. එහීදී අසංතෘප්ත මේද යොදා ගන්න.
3. කැල්සියම් බහුල මේදය අඩු හෝ රහිත කිරි , යෝගට්, චීස් ආහාරයට නිතර ගන්න.
4. තෙල් සහිත මාලු වර්ග ආහාරයට ගන්න.
5. අවම වශයෙන් සතියකට දින 4 හෝ 5ක් පැය 1/2 පමණ වයායාම කරන්න. ඇවිදීම හොඳ ව්‍යායාමයක්. මේ සදහා පහසු ආරක්ෂිත සපත්තු භාවිත කරන්න.
6. රෑපවාහිනියේ ගත කරන කාලය අවම කර ගේදොර වැඩ ගෙවත්තේ වැඩ ක්‍රියාකාරීව සිදුකරන්න.
7. ඔබගේ ශරීරයේ බර 5% කින් අඩු කිරීමට උත්සාහ කරන්න.
8. ධනාත්මකව සිතිමට මනස හුරැ කරන්න.
9. සුවදායක නින්දක් ලබාගන්න.
10.නියම කල ඖෂධ නිසි ලෙස ලබාගන්න.
මේ කරැණු පිලිබද අවධානය යොමු කර පිලිපැදීමට ඔබ දැරිය යුත්තේ සුලු වෑයමකි. නමුත් ඉන් ලැබෙන ප්රථිඵලය ඉමහත්ය. ඔබට දියවැඩියාවෙන් තොර සුවැති දිවියකට ප්‍රාර්ථනා කරමි.
දියවැඩියා රෝග පාලනය හා එහි සංකූලතා පිලිබඳව ඉදිරීයේදී තවත් ලිපියකින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.
ආයුර්වේද ඖෂධ හා ආයුර්වේද වෛද්‍ය උපදෙස් මගින් දියවැඩියාව මනාව පාලනය කිරීමටත් රෝගයේ සංකූලතා වලක්වා ගැනීමත් හොඳින් කල හැක.
වෛද්‍ය උපදෙස් සහ ප්‍රථිකාර සදහා කතා කරන්න
071 956 931 6
රක්ත ප්‍රදර - Menorrhagia
බොහෝ සේ වැගිරෙන යන අර්ථයෙන් ප්‍රදර නම් වේ. කාන්තා රෝග වැඩි වශයෙන් ඔසප් හා සම්බන්ධව පවතින ඒවාය. ඔසප් කාලයේ හෝ ඔසප් අතර කාලයේ කීපවරක් හෝ අසාමාන්‍ය ලෙස යෝනි මගින් අධික රුධිරය පහවීම රක්ත ප්‍රදර ලෙස ආයුර්වේදය නම් කොට ඇත. දේශීය ව්‍යවහාරයේ ලේ මාලය, කද ගැට ශුද්ධ වීම යනුවෙන් ව්‍යවහාර කරති .
මීට හේතු ලෙස ආහාර දෝෂ එනම් බර ආහාර , විදාහකර ඇඹුල් ආහාර නිතර ගැනීම, ප්‍රසවයෙන් පසුව ඇතැම් කාන්තාවන්ට සිදුවන අධික ලේ වහනය, වැදෑමස කොටස් ගැබ තුල රැදීම, ගර්භාෂයගත ගෙඩි, හෝර්මෝන අසමතුලිතතාවය, අධිකව කල්පනා කිරීම වැනි මානසික උද්වේගයන් දැක්විය හැක..
මෙහි සාමාන්‍ය ලක්ෂණ ලෙස ඇග මැඩීම , වේදනා සහිත බව ,අධෝදර ප්‍රදේශයේ ඉදිමුම ,උදරය පුරවා දැමීම , තදකර ඇල්ලීමේදී වේදනා අධික බව, අසහනකාරී ස්වභාවය , ක්ලාන්තය, ශාරීරික දුර්වලතාවය ලෙස දැකිය හැක .
අධික රුධිර ප්‍රමාණයක් බැහැර වීම නිසා පාණ්ඩු රෝග ලක්ෂණ ද පහල වේ. එනම් සුදුමැලි බව බව , ශරීරය අප්‍රාණික ගතිය, ක්ලාන්තය ,කෑම අරුචිය ,බඩගිනි මද බව, ශරීරය ඉදිමුම් ස්වභාවය යන මේවාය.
මෙහි උපද්‍රව ලෙස රුධිර හීනතාවයට යාමෙන් පහසුවෙන් ජනනේන්ද්‍රිය ගත ආසාදන ඇති වීම , ශරීරයේ ජල කොටස් අධිකව පහවීම නිසා ශරීරයේ වියලි ස්වභාවය , පිපාසා ආදී ලක්ෂණ ද පහල වේ...
අර්බුද නිසා වන අධික රක්ත වහනය වද භාවයටද හේතුවකි.
එළකිරි , පලාවර්ග ,තැඹිලි , කොළකැද වර්ග ,අලුකෙසෙල් අල ව්‍යංජනය භාවිතයට සුදුසු අතර...
උෂ්ණාධික ආහාර මිරිස් ,විනාකිරි අධික ආහාර , පිසින ලද බලමාලු ජාඩි කරවල, තක්කාලි , අච්චාරු ,බිලිං, ලුනුදෙහි, අන්නාසි වැනි ආහාරද , තෙල් අධික ආහාර , තෙම්පරාදු කරන ලද ආහාර ඔසප් දින වල ගැනීම නුසුදුසුය.
රක්ත ප්‍රදරය යුහුසුළුව ප්‍රතිකාර යෙදිය යුතු රෝග අවස්ථාවකි .
කල් නොයවා ප්‍රතිකාර යෙදීම රෝගය අසාධ්‍ය නොවීමට උපක්රමයකි .