ගොඩක් හුරු පුරුදු වචන තුනක් නේද? එහෙනම් මේ ලිපිය කියවන්න.
දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික තරබාරුව... මේවා පොඩි වචන තුනක් වුණාට මිනිස්සුන්ට ගේන හානිය ගොඩක් වැඩියි.
ලිපිය ටිකක් දිග වැඩි වෙයි. ඒත් මේකෙන් ඔයාලා හැමෝටම ලොකු අවබෝධයක් ලබා දෙන්න පුලුවන් වුණොත් ඒක මම ලබන ලොකු ජයග්‍රහණයක්.
දියවැඩියාව...
දේශීය හා ගෝලීය මට්ටමින් එහි ඉහළ ව්‍යාප්තිය හේතුවෙන් බොහෝ විට සාකච්ඡාවට ලක්වන වෛද්‍ය තත්ත්වයක් වන දියවැඩියාව, දැන් වසංගතයක් ලෙස වර්ගීකරණය කර ඇත. ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයට අනුව, ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් අතර 8.7% ක දියවැඩියා ව්‍යාප්තියක් ඇති අතර, එයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ සෑම වැඩිහිටියන් 12 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙළෙන බවයි.
ගෝලීය පරිමාණයෙන්, දියවැඩියාව ප්‍රධාන බෝ නොවන රෝග (N.C.D) හතරෙන් එකක් වන අතර, 2030 වන විට ලෝක ජනගහනය තුල සිදුවන මරණ සඳහා පස්වන ප්‍රධාන හේතුව ලෙස ගණන් බලා ඇත. අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල මෙම වර්ධනය වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවත්, මේ තත්ත්වය හේතුවෙන් පසුව දියවැඩියාව ආශ්රිත මරණවලට මුහුණ දීමට සිදුවන බවත් වැඩිදුරටත් අධ්‍යනය කර ඇත.
සරලව කිවහොත්, දියවැඩියාව යනු අග්න්‍යාශය ප්‍රමාණවත් ඉන්සියුලින් නිපදවන්නේ නැති විට හෝ ශරීරයට තවදුරටත් අග්න්‍යාශය මඟින් නිපදවන ඉන්සියුලින් ඵලදායී ලෙස භාවිතා කළ නොහැකි වූ විට වර්ධනය වන නිදන්ගත රෝගයකි. අධි රුධිර සීනි ලෙසද හැඳින්වෙන හයිපර්ග්ලයිසිමියා රෝගය, ප්‍රතිකාර නොකළ දියවැඩියාව හේතුවෙන් ඇතිවන සුලභ තත්ත්වයකි. පසුකාලීනව මෙය පුද්ගලයෙකුගේ පද්ධති, ස්නායු සහ රුධිර වාහිණී දැඩි ලෙස පිරිහීමට හේතු විය හැකිය.
දියවැඩියාව වර්ග හතරක් ඇත:
• පළමු වර්ගයේ දියවැඩියාව: ප්‍රතිශක්තිකරණ පද්ධතිය අග්න්‍යාශයේ සෛල විනාශ කරන අතර ඉන්සියුලින් නිපදවීමේ හැකියාවට බාධා කරයි.
• දෙවන වර්ගයේ දියවැඩියා රෝගය: මෙය සිදුවන්නේ පුද්ගලයෙකුගේ පද්ධතිය ඉන්සියුලින්-ප්‍රතිරෝධී වන විට වන අතර, එමඟින් ඔබේ රුධිරයේ ඉහළ සීනි මට්ටමක් එකතු වීමට ඉඩ සලසනු ලබයි.
• ගර්භණී දියවැඩියාව:
මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ විට මවගේ රුධිරයේ සීනි මට්ටම ගර්භණී සමයේදී සාමාන්‍ය මට්ටමට වඩා වැඩි. වන අතර ගර්භණීබව හා බැදුණු විවිධ සංකූලතා ඇතිවීමටත් බලපානු ඇත.
• දුර්වල වූ ග්ලූකෝස් මට්ටම් දරා සිටීම: පුද්ගලයෙකුගේ රුධිරයේ සීනි මට්ටම, සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වූ විට සිදු වේ. මෙම තත්ත්වය, දෙවන වර්ගයේ දියවැඩියාවට මඟ පෑදීමේ සම්භාවිතාවක් ඇති, අතරමැදි අවධියක් ලෙස බොහෝ විට මෙය හඳුනාගෙන ඇත.
දියවැඩියා රෝගයේ වඩාත් සුලභ (නමුත් දරුණු) ප්‍රතිවිපාක වන්නේ, හෘදයාබාධ සහ, අවසානයේ අත් පා කපා හැරීමට සිදු වීම, අන්ධභාවය සහ වකුගඩු අකර්මණ්‍ය වීම වේ.
කොලෙස්ටරෝල් ගැන බලමු..
සිරුරේ අධික ලෙස කොලෙස්ටරෝල් තැන්පත්වීමට ලක්වූවන් බහුලව දකින්නට ලැබේ. මෙලෙස හමුවන රෝගීන්ට ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ වැරදි ආහාර රටාවන් සහ ව්‍යායාම මඳකමය.
කොලෙස්ටරෝල් යැයි පැවසූ විට බොහෝ දෙනා සිතා සිටින්නේ මෙය සිරුරට අහිතකර දෙයක් ලෙසය.
නමුත් කොලෙස්ටරෝල් යනු අපගේ ශරීරයට අවශ්‍ය පෝෂක සංඝටකයකි. කොලෙස්ටරෝල් ශරීරයේ සෛල පටකවල පැවැත්මට සහ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වේ.
අප ගන්නා ආහාර ශරීරයට උරා ගැනීමට උපකාරී වන පිත නිපදවන්නේද කොලොස්ටරෝල් මගිනි.
එසේ නම් සිරුරට කොලෙස්ටරෝල් අධිකවීම හානිකර වන්නේ කෙසේදැයි කියා සිතෙනු ඇත.
සිරුරට කොලෙස්ටරෝල් නිපදවන්නේ මේදය මගිනි. අප ගනු ලබන මේදය තුළ සංතෘප්ත මේදය (LDL) අසංතෘප්ත මේදය (HDL) ලෙස කොටස් දෙකක් තිබේ. මින් අසංතෘප්ත මේදය සිරුරේ තැන්පත්වීම අහිතකර නැත. නමුත් සංතෘප්ත මේදය තැන්පත්වීම අහිත කරයි.
සිරුරේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලැබෙන මේද කොටස් කෙලින්ම මුදාහැරෙන්නේ රුධිරය වෙතය. මෙම මේද කොටස් රුධිරයේ දිය නොවේ. ඒවා රුධිර නාල තුළ තැන්පත්වේ. මෙසේ තැන්පත්වන මේද කොටස් අහිතකර හෙවත් සංතෘප්ත මේදය නම් ඒවා මගින් රුධිර නාල අවහිරවේ. එවිට රුධිරයේ ගමනා ගමනයට බාධා ඇතිවී රුධිර නාල පිපුරුමකට ලක්වීම, අධි රුධිර පීඩනය ඇතිවීම, රුධිර ගැටිත්තක් සිරවී අංශභාගය (ආඝාතය) වැනි රෝග මතුවීම ආදියට ලක්විය හැකිය.
දියවැඩියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයන්, ඔසප්වීම නතරවීමට හෙවත් ආර්ථවහරණයට ලක්වූ කාන්තාවන් ඉතා පහසුවෙන් අධික කොලෙස්ටරෝල් තැන්පත්වීමේ රෝගය මතුවිය හැකිය. එනිසා එවැනි පුද්ගලයින් මේ පිළිබඳව වැඩි අවධානය යොමු කළ යුතුය.
අධික තරබාරුව....
අධික තරබාරුව නැති කරන්නට පෙර ඔබ එහි ස්වභාවය ගැන දැනගන්නට ඕනෑ. ඇත්ත තේරුම් ගත්තාම ඔබට එය සුව කරගන්න කරන්න තියෙන කැපකිරීමේ තරමත් පැහැදිලි වේවි. ප්‍රතිකාර නියම කළාම වෛද්‍ය උපදෙස් මතම ඉතිරි කටයුතු හරි හැටි කරගෙන ගියොත් හිතුවටත් වඩා ඉක්මනින් ඔබ යථා තත්ත්වයට පත්වේවි. “බෙහෙත් බිව්වා දැන් මං හරි” කියලා බෙහෙතට වැඩේ භාර දීලම මේකෙ සාර්ථක බව අත්විඳින්නට බැහැ. ඒ නිසා අපේ උපදෙස් නිරතුරුව පිළිපදින්න ඕනෑ වෙනවා. වෛද්‍ය විද්‍යාත්මක සත්‍යය දැන හැඳින ගෙන ඔබ එය ජයගත යුතුයි.
ඊළඟට තියෙන ප්රශ්නය බොහෝ අයට තියෙන්නක්. ඒ අයට මම ඉහත පවසපු, කොලෙස්ටරෝල් තියෙනවා. තවත් අයගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ ගිහින් තියෙනවා. එය සාමාන්‍යයි. ඒ නිසාම ඉවසිල්ලෙන් ඒ රෝගවලටත් ප්‍රතිකාර කරමින්, මර්දනය කරමින් තමයි තරබාරුවට බෙහෙත් කරන්න වෙන්නේ. ආහාර පාන වැරැදි ආකාරයෙන් අහිතකර විධියට ගන්න අයටත් මේ තත්ත්වය එනවා.
කොහොම වුණත් බය වෙන්න දෙයක් නෑ. අපේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර හරි බලවත්. ඉතා සාර්ථකයි.
ඒ නිසා ලෙඩෙක් අප වෙත ආ පසුව ඔහු පරීක්ෂා කර බලා ඔහුගේ රෝග ඉතිහාසය ගැන කතා කරලා දැනගත්තම තමයි අපට ප්‍රතිකාර පහසු වෙන්නේ. ඒ නිසා ව්‍යායාම අඩුකමටද, වෙනයම් හේතුවක් නිසාද තෙල් සහිත ආහාර බහුල වශයෙන් ගැනීම නිසාද මෙහෙම වෙන්නෙ කියලා අපට අල්ල ගන්න පුළුවන්.
තරබාරුව මොන ක්‍රමයට අඩු කරගන්න හිතුවත් අප දෙන උපදෙස් මත ඔබ ගත යුතු ආහාරපානවල තත්ත්වයන් පාලනය කරගත යුතුයි. ඒ කියන්නේ, ස්ව්යං පාලනයක් තිබිය යුතුමයි. පිටි සහිත ආහාර, තෙල් සහිත ආහාර කොහොමටවත් සුදුසු නෑ. ඒක ඉතාමත් වැදගත් අනිවාර්ය කාරණාවක්.
අක්‍රමවත් ඔසප් චක්‍රයක් තියෙන අයත් මහත් වෙනවා. ශරීරය හරිහැටි ශුද්ධ වී යන්නෙ නැති වීමේ ප්‍රතිඵලය තමයි ඒ. උපත් පාලන පෙති, ඉන්ජෙක්ෂන් ගහන ඇතැම් කාන්තාවන්ට තරබාරුව එන්නෙ බලා ඉන්දැද්දියි. ඒක අහිතකර විධියට බලපානවා. ඒකෙන් ඔසප් වීමේ ස්වාභාවික ක්‍රියාවලිය කෘත්‍රිම විධියට පාලනය කරන නිසා ඒකෙ ප්‍රතිඵලයත් තරබාරුව ලෙස එනවා.
Tip එකක් දෙන්නම්...
"ආහාර පාලනය කියන්නෙ හොඳ දේ පවා අඩුවෙන් ආහාරයට ගැනීමයි."
එහෙම ආහාර පාලනය කරගෙන යනවා නම් ආයෙ කවදාවත් තරබාරුව ඇති නොවන්න වටිනා ප්‍රතිකාර අප ළඟ තියෙනවා.
නමුත් අපෙන් ප්‍රතිකාර ගන්න එන අයට තියෙන වෙනත් ලෙඩ රෝගද අප පරීක්ෂා කර බලා එක දිගට පියවරෙන් පියවරට ශරීරයේ බර, මේදය අඩු කරන අපේ ඖෂධ වලින් ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මේ මහපොළොවේ වැවෙන ඉතා වටිනා ශාක ඔසු තියෙනකම්, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තියෙනකම් ඔබට බයවෙන්න දෙයක් නැහැ.
ඉතින් මේ ලිපිය සම්පූර්ණයෙන් කියෙව්වානම්, ඔබ ඉගෙනගත් යමක් තිබේනම්, පහතින් කමෙන්ට් එකක් ලෙස පොඩි සටහනක් දාගෙන යන්න කියලා ඉල්ලනවා.
ඒ වගේම, ඔබට හෝ ඔබගේ හිතවතෙකු මේ පිළිබඳ අවබෝධය ලබා දීමට මෙම ලිපිය ශෙයා කරන්න.
ප්‍රතිකාර ලබා ගැනීමට...
වෙදගෙදර - ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
ඔරුවල, අතුරුගිරිය.
දුරකථන ඇමතුම්:
071 956 931 6
වෛද්‍ය හර්ෂණ නිරිඇල්ල
B.A.M.S (Hons.)
University of Colombo
SLAMC : 16673
වෛද්‍ය උමේෂා සුරවීර
B.A.M.S (Hons.)
University of Colombo
SLAMC : 16416
අපගේ වෙබ් අඩවිය:
Google සිතියමේ පිහිටුම:
https://maps.app.goo.gl/JEytvwo6cNnJTgYR8
ප්‍රතිකාර කරන දින සහ වේලාවන්:
අඟහරුවාදා සිට ඉරිදා දක්වා උදෑසන 9:00 සිට දහවල් 12:00 දක්වාත්,
දහවල් 1:00 සිට රාත්‍රී 7:00 දක්වාත්.
සඳුදා සහ පොහොය දින වසා ඇත.
පැමිණීමට පෙර වේලාවක් වෙන්කරගන්න ඇමතුමක් ලබා දෙන්න.
රෝගීන් පරීක්ෂා කරමින්/ප්‍රතිකාර කරමින් සිටින විටදී දුරකථනයට පිළිතුරු දීමට නොහැකි වුවහොත්, දහවල් 12ත් 1ත් අතර හා, රාත්‍රී 8ත් 10ත් අතර ඇමතුමක් ලබා දෙන්න.
නැතිනම් Whatsapp මැසේජ් එකක් දාන්න.
#ayurveda #wedagedara #oruwala #athurugiriya #drharshananiriella #drumeshasuraweera #diabetes #cholesterol #obesity #ncd