ආතරයිටිස් වර්ග 100කට අධික සංඛ්‍යාවක් ඇති අතර බහුතරයකට ඔස්ටියෝ ආතරයිටිස් එනම් සන්ධි ගෙවීයෑම නිසා ඇතිවන ආතරයිටිස් වර්ගද ලේවල සුදු ෙසෙලවල ක්‍රියාකාරිත්වය වැඩිවීම නිසා කාටිලේජ් ක්ෂය කරවන රුමටොයිඞ් ආතරයිටිස් වර්ග ද ජන සමාජයේ බහුතරයකට පවතින ආතරයිටිස් වර්ග වේ.
රුමටොයිඞ් ආතරයිටිස් රෝගය
ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග (Autoimmune Disease) කාණ්ඩයට අයත්ය. එම කාණ්ඩයට අයත් වන තවත් රෝග ලෙස psoriatic arthritis, Multiple sclerosis, Lupus arthritis වැනි රෝග ඇතුළත්ය.මෙහිදී සිදුවන්නේ අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැරදි නිගමනයන් නැතිනම් වැරදි වටහාගැනීමක් යුක්තව ශරීරයේ හතුරකු ලෙස අපේම සන්ධිස්ථානවලට දැඩි ප්‍රහාර එල්ලකිරීමට යෑමයි. මෙහිදී සුදු රුධිරාණු ක්‍රියාකාරිත්වය වැඩිවී වේගවත් ලෙස සන්ධි කුහරවලට ගලාඒම. එහිදී ඔවුන් පිටකරන සයිටොකයිනිස් (cytokines) රසායනික ද්‍රව්‍ය සන්ධි වටා ඇති ආරක්ෂක පටලය synovial membrane විනාශ කිරීමට ගන්න උත්සහය තුළ ඊට ප්‍රතිචාරය ලෙස සන්ධිය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට යෑම සිදුවන ක්‍රියාවලිය සන්ධිය තුළ ලසිකා නමැති ෙසෙල පාලනයකින් තොරව වර්ධනය වීම සිදුකරයි. එමගින් පටක සමුහයක් එකට එක්වී පන්නස (pannus) නමැති ව්‍යුහයක් ගොඩනැගෙන අතර එමගින් කාටිලේජ් විනාශ කරන එන්සයිමයන් නිපදවී කාටිලේජ් විනාශ කිරීම සිදුකරයි. මේ නිසා සන්ධි එකිනෙක ගැටීම, ඉදිමීම, වේදනාව, සන්ධිය තුළ ඇති කරවන ප්‍රදාහක තත්ත්වය රුමටොයිඞ් ආතරයිටිස් ලෙස හඳුන්වනවා. වළලූකර, මැණික් කටු සන්ධිය, දණහිස, අත් පා, ඇඟිලි පුරුක් ප්‍රධාන ලෙස ප්‍රදාහයට ලක්වන ස්ථාන වේ. රසායනික පරීක්ෂණ මගින් එනම් Rheumatoid factor, ESR, FBC, CRP මගින්ද X Ray වාර්තා මගින් ද නියමාකාර ලෙස රෝගය සනාථ කරගත හැක. මෙහිදී අපට ඇත්තේ Sero Negative Rheumatoid Arthritiso, Sero Positive Rheumatoid Arthritis යන වග පරීක්ෂණ මගින් වෛද්‍යවරයා නිගමනය කරනු ලබයි.
රෝග ලක්ෂණ
* මූලික ලක්ෂණ ලෙස ඇඟිලි පුරුක්වල එන වේදනාව ක්‍රම ක්‍රමයෙන් අනෙකුත් ඇඟිලි පුරුක්වල වේදනාව සමග ඉදිමීම
* උදයට නැගිටින විට ඇඟිලිවල තද ගතිය, ඉදිමුම් ස්වභාවය එය අනෙක් සන්ධිවලත් පැතිරීම.(morning stiffness)
* මද උණ ගතිය දැනීම
* කෑම අරුචිය
* රාත්‍රී නින්ද නොයාම
* මළ බද්ධය
* සන්ධි චලන අපහසු වීම
* සමෙහි ගැටිති මතුවීම
* පපුව වරින්වර කැක්කුම ගැනීම
* ඇස්වල කැසීම
* මහන්සිය දැනීම
* සන්ධි රතු පැහැය ගැනීම
* දරාගත නොහැකි වේදනාව
* ක්‍රම ක්‍රමයෙන් සන්ධි ඇද වීම
Anti CCP (Anti Cyclic Citrullinated Peptide Antibody) පරීක්ෂණය මගින් පරීක්ෂා කරනු ලබන ප්‍රතිදේහය වැඩිපුර තිබෙන රෝගියකුගේ සන්ධි ඇවිදීමේ වැඩි ප්‍රවණතාවක් පැවතිය හැක.
අවදානම් සාධක
* හෘදයාබාධ ඇතිවීම
* රක්තහීනතාවය (hemoglobin අඩු වීම)
* පෙණහලූවල කැළැල් ඇතිවීම(scarred nodular lungs)
* හුස්ම ගැනීම අපහසුතාවය
* ඇස් වියළීම, ඇස් ආසාදන තත්ව ඇතිවීම
* සමේ ගැටිති මතුවීම, ආසාදන ඇතිවීම
* සිතුවිලිවල ව්‍යාකුලභාවය හට ගැනීම වැළැක්වීම
පහත සඳහන් ආහාර රුමටොයිඞ් ආතරයිටිස් වර්ධනයට බලපානු ඇත
* සීනි සහිත ආහාර පාන වර්ග අධික භාවිතය
* සැකසූ සහ රතු මස්
* ක්ෂණික ආහාර (පීසා, බර්ගර්)
* මත්පැන් භාවිතය
* ඔමේගා 6 මේද වැඩි ආහාර ගැනීම
* ඔමේගා 3 මේද අඩු ආහාර අසමතුලිතව ගැනීම
* ලූණු අධික ලෙස ආහාරය ගැනීම
* ටින් කළ, ඇසුරුම් කරන ලද ආහාර ගැනීම
* ඇතැම් චීස්, බටර් වර්ග භාවිතය
රුමටොයිඞ් ආතරයිටිස් මර්දනය සදහා ගත යුතු ආහාර
* බ්ලූබෙරි, බැක්බෙරි, ස්ට්‍රෝබේරි, කැන්බෙරි, රාසස්බේරී මේවා ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් වන ආහාරයට ගැනීම සුදුසුයි
* ඇපල් ප්‍රතිඔක්සිකාරකවලින් ඉතා පොහොසත්ය
* වට්ටක්කා, හතු, බ්‍රොකලි වැනි එළවළු
* ඉඟුරු, සුදුලූනු භාවිතය
* නිසි උපදෙස් මත ව්‍යායාමවල නිරත වීම
* ආහාරවලට අමතරව මනසේ සන්සුන්කම, නිරවුල්භාවය ඉතා වැදගත්ය
නමුත් වයස අනුව ගෙවුණු කාටිලේජ් වර්ධනයට බාධා කරන කොස්, දෙල්, වම්බටු, මැකරල්, මුංඇට, කව්පි, මඤ්ඤොක්කා, අල, පරිප්පු නොගත යුතුයි.
ආයුර්වේද ප්‍රතිකාර
ඉතාම සුවිශේෂයි. රෝග මූලයම නැතිකර දමන බැවින් රුමටොයිඞ් ආතරයිටිස් සුව කළ හැකි රෝගයකි.
රෝග ලක්ෂණ අනුව, රෝගියා හොඳින් පරීක්ෂා කර, ඔහුගේ හෝ ඇයගේ දෝෂ තත්ත්ව දෙස හොඳ අවධානයෙන් ප්‍රතිකාර කිරීමෙන් සහ, රෝගියාගේ නොපසුබට ඉවසීමෙන් මෙම රෝගී තත්ත්වය සුවපත් කරගත හැකියි.
ප්‍රතිකාර සඳහා විමසීම්,
වෛද්‍ය හර්ෂණ නිරිඇල්ල
වෙදගෙදර ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
ඔරුවල, අතුරුගිරිය
දුරකථන අංකය:
071 956 931 6